IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ව්‍යාජ මුදල්වලින් ළමුන්ට සෙල්ලම්බඩු මිලදීගත් කතකට අත්හිටවූ සිරදඬුවම්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
 
ව්‍යාජ මුදල් නෝට්ටුවකින් දරුවන්ට සෙල්ලම් බඩු මිලදී ගත් බවට වරද පිළිගත් දෙදරු මවකට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එම දඬුවම වසර 5 කට අත්හිටුවන ලෙස අද  (23) නියෝග කළාය.

රුපියල් 10,000ක දඩ මුදලක්  ගෙවීමටද විත්තිකාරියට නියම කළ විනිසුරුවරිය දඩය නොගෙවන්නේ නම් මාස තුනක  සිරදඬුවම් ලබාදීමටද නියෝග කළාය. ඇහැටුවැව ගල්ගමුව පදිංචි ජේ.එම්.යමුනා තරංගනී (32) නැමැති තැනැත්තියකට මෙසේ දඬුවම් නියම කෙරිණ.   

කුරුණෑගල මහාධිකරණයේදී අද  (23) නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ප්‍රදීප් සෝලංගආරච්චි මහතා අධිකරණයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විත්තිකාරිය වරද පිළිගනිමින් නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ විත්තියේ නීතිඥවරයා පැවසුවේ චූදිත කාන්තාව වයස අවුරුදු 9ක සහ 15ක දරුවන් දෙදෙනෙකු සිටින මවක බවයි.

විත්තිකාරියගේ සැමියා පෙදරේරුවකු බවත් ඔහුට වැටුප් ලෙස ලැබුණු මුදලින් රුපියල් 500 නෝට්ටුවක් දරුවන්ට සෙල්ලම් බඩු මිලට ගැනීමට විත්තිකාරියට ලබාදුන් අවස්ථාවේදී මෙම ගැටලුව ඇතිවී තිබෙන බවත් විත්තියේ නීතිඥවරයා පැවසීය. 

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ අධිනීතිඥ අකිල අමුණුගම මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම වරද වෙනුවෙන් වසර 20ක් දක්වා සිරදඬුවමක් සහ දඩමුදලක් නියම කිරීමට අධිකරණයට බලය ඇති බවයි.
 
කෙසේ වෙතත් විත්තිකාරිය අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී වෙනත් ව්‍යාජ මුදල් නෝට්ටු හෝ ව්‍යාජ මුදල් නෝට්ටු සකසන උපකරණ කිසිවක් හමුනොවූ බවද කියා සිටි රජයේ නීතිඥවරයා  අධිකරණයට සුදුසු යැයි හැගෙන දඬුවමක් විත්තිකාරියට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.



අදහස් (0)

ව්‍යාජ මුදල්වලින් ළමුන්ට සෙල්ලම්බඩු මිලදීගත් කතකට අත්හිටවූ සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 645 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 439 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site