(දියතලාව - ඩී.කේ.රත්න)
රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 6ක් තබාගෙන සිටි පුද්ගලයෙකු අද (8) තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.
තණමල්විල සූරියආර කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකු මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගෙන ඇත.
හම්බෙගමුව පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හම්බෙගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.කේ.බී.සිලෝගම මහතාගේ උපදෙස් පරිදි හම්බෙගමුව පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd