ජුඩ් සමන්ත
හලාවත - කොළඹ මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේ දී පුද්ගලයකු යට කර පලා ගිය බව කියන වාහනයක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව වෙන්නප්පුව පොලීසිය කියයි.
අද (31) අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
මිය ගොස් ඇති අය කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වයස අවුරුදු 60 ක් පමණ වන සිහින් සිරුරක් ඇති මියගිය අය රෝහලක සිට පිටත්ව පැමිණි අයෙකු බවට විශ්වාස කරන බව පොලීසිය කියයි.
මළ සිරුර දැනට ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ ඇති අතර,හදුනා ගැනීම සහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන යන බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd