(අනීෂා මානගේ)
සාමාන්‍යපෙළ විභාග මධ්‍යස්ථානයක්ව පැවැති තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ පිහියක් සන්තකයේ තබාගෙන සිටි 18 හැවිරිදි තරුණයෙක් තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අද දිනය වන බැවින් විභාගය පවතින පාසල් අවට පොලිස් ආරක්ෂාව දැඩි කරන ලෙස තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා ලබා දී තිබූ උපදෙස් අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
විද්‍යාලය අසල ගැවසෙමින් සිටි මෙම තරුණයා පිළිබඳව සැක සිතී ඔහු පරික්ෂා කිරීමේදී තරුණයාගේ සාක්කුවක තිබී කොටස් ලෙස සකස් කළ හැකි කුඩා උල් පිහියක් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd