(සිරංගිකා ලොකුකරවිට)
වඳුරඹ ලේල්වල ගලබොඩ ඇළ පිටාර ගැලීමෙන් පහත් බිම් යටවී පවුල් කිහිපයක් කොටුවී ඇති බවත් ඔවුන් බේරා ගැනීම සඳහා මේ වනවිට නාවික හමුදා කණ්ඩායම් එම ප්‍රදේශයට යවා ඇති බවත් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
වඳුරඹ සිට යක්කලමුල්ල, යටලමත්ත, උනන්විටිය, බද්දේගම වෙත යන සියලුම මාර්ග අද (23) ජලයෙන් යටවී තිබූ අතර වාහන ගමනාගමනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය.
වඳුරඹින් ධාවනය වූ සියලුම බස් රථ සේවා අත්හිටුවීමට සිදුවූ අතර විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවිය.
නගරයේ කොටුවී සිටි පාසැල් සිසුන් ඇතුළු පිරිස් ආරක්ෂිතව නිවෙස් කරා යැවීමට පොලිසිය දැඩි පරිශ්‍රමයක් දැරීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.