(දියතලාව - ඩී.කේ.රත්න)
වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇල අඹවක ප්‍රදේශයේදී අද (19දා) වෑන් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ සිට බදුල්ල ස්ප්‍රීංවැලි ප්‍රදේශයට පැමිණෙමින් සිට් පිරිසක් රැගත් මෙම වෑන් රථයේ රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රපාතයට පෙරලීම නිසා මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පස් දෙනෙකු ගමන් කර තිබෙන අතර දෙදෙනෙකුට කිසිදු තුවාලයක් සිදුවී නොමත.
හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි හාලිඇල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd