(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදූව අම්පාවිල මාර්ගයේ විදේශිකයන් රැගත් වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අද (24) සිදු වූ අනතුරකින් පැදිකරු මියගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි ඉමදූව ප්‍රදේශයේ පදිංචි සුමාල් ලාලින්ද නැමැති පුද්ගලයෙක් බව පොලිසිය පැවසීය.
මියගිය අයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යවා තිබේ.
මෙම අනතුර සිදුවී ඇත්තේ විදේශිකයන් රැගත් වෑන් රථය තිත්තගල්ලේ තේ කර්මාන්ත ශාලාවක් නැරඹීම සඳහා යන අතරතුරදී බව පොලිසිය කීය.
වෑන් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd