(දයාරත්න ඇඹෝගම)
ඥානින්කුලම පාලම ආසන්නයේ දී වන අලි පහරදීමකින් යතුරුපැදියකින් ගමන් කළ පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගිය බව තිරප්පනේ පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තිරප්පනේ උලගල්ලේ පදිංචිව සිටි ඩබ්.එම්.රංජන් විරසේකර (29) නැමති පොලිස් කොස්තාපල්වරයෙකි.
මියගිය පොලිස් කොස්තාපල්වරයා කොළඹ වෙරළබඩ පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙකි.
ඔහු පසුගිය දින නිවාඩු ලබා සිය නිවසට පැමිණ තිබිණි. මියගිය පොලිස් කොස්තාපල්වරයා ඊයේ (16) රාත්‍රී සිය යතුරුපැදියෙන් නිවසට බඩු ගෙන ඒම සදහා තිරප්පනේ සිට ගල්කුලම නගරයට යමින් සිටියදී ඥානින්කුලම පාලම ආසන්නයේ දී පාර මාරු වෙමින් සිටි වන අලි රංචුවක අලියකුගේ ගැටී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd