IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වන අලි පහරින් වනජීවී නිලධාරීයකු මරුට

ක.ග කරුණාරත්න
 
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම් වැදී සිටි වන අලියෙකු පලවා හැරීමේ මෙහෙයුමට එක්ව  සිටි වනජීවී නිලධාරියෙකුට වන අලියකු පහරදීම හේතුවෙන් අද (19) සවස එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය කියයි. 

 
වනජීවී නිලධාරී කණ්ඩායම අලියා පලවා හැරීමට උත්සාහ කරමින් සිටියදී  අලියා ඔවුන් පසුපස පන්නාගෙනැවිත් තිබෙන අතර එම අවස්ථාවේ දිව යමින් සිටි මේ නිලධාරියා බිම වැටී ඇති අතර අලියා පැමිණ පාගා දමා තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.  
 
එම අනතුරින් මියගොස් ඇත්තේ වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු වන පදියතලාව, සේරන්කඩ පදිංචි වසන්ත මෙන්නෙන්ඩආරච්චි නමැති 58 හැවිරිදි තිදරු පියෙකි.



අදහස් (1)

වන අලි පහරින් වනජීවී නිලධාරීයකු මරුට

tommy Tuesday, 19 June 2018 04:21 PM

මෙවැනි අවස්ථාවලදී අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site