(ක.ග. කරුණාරත්න)
වැලිකන්ද සිංහපුර මහවැලිතැන්න ප‍්‍රදේශයේදී අද (08) අලූයම 03 ට පමණ අලියෙකු පහර දීමෙන් 65 හැවිරදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සිංහපුර මහවැලිතැන්න අංක 260 ලිපිනයේ පදිංචි දෙරු පියෙකු වන ඩබ්. සෙනෙවිරත්න යන අයයි.
මොහුට අලියා පහර දී ඇත්තේ ඔහුගේ නිවස අසල දීම බව පොලීසිය සඳහන් කළේය.
හෙතම සිය නිවසින් එළියට පැමිණ තම ගෙවත්ත ආ අලියා එළවා දැමීමට උත්සාහ කරද්දී පහරදීම සිදුකර තිබෙන බව පොලීසිය කළ විමර්ශන වලදී හෙළිවී ඇත.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd