(දයාරත්න ඇඹෝගම)
ගාලදිවුල්වැවදි වන අලියෙකුගේ පහර දිමෙන් 62 හැවිරිදි පුද්ගලයෙකු අද (07) මියගිය ගොස් ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉහලගම, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම පදිංචිව සිටි පුෂ්පාගේ සුද්දා (62)නැමති ගොවියෙකි.
මිය ගිය අය තම නිවසේ සිට කිලෝමිටර් දෙකක් පමණ දුරින් පිහිටි ගාලදිවුල්වැව තම හේනට ගොස් ආපසු එමින් සිටියදි අද (07)දින අලුයම හතරට පමණ වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.
වන අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා එම ස්ථානායේම මිය සිටි බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd