(ක.ග.කරුණාරත්න සහ මනම්පිටිය නිමල් ජයරත්න)
දිඹුලාගල, ඇල්ලේවැව ප්‍රදේශයේදී අද (30) අළුයම වන අලියෙකු පහරදීමෙන් 12 හැවිරිදි පාසැල් සිසුවියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිඹුලාගල, ඇල්ලේවැව, ඩී 6 ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.ජී. හිරුෂි නිෂාදි දිසානායක නැමැති දැරියයි. ඇය අළුයම නින්දෙන් පිබිදී නිවෙස අසල පිහිටි වැසිකිළියට යාමට ගිය අවස්ථාවේ ගෙවත්තේ රැඳීසිටි වනඅලියෙකු පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී තිබේ. අලියාගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබාසිටි එම දැරිය ප්‍රතිකාර ලබාදීම සඳහා පොලොන්නරුව මහරෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.




(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන අලියකුගේ පහරින් දැරියක ජීවිතක්ෂයට