IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වන අලියකුගේ පහරදීමෙන් අයෙක් මරුට

(  ක.ග කරුණාරත්න  සහ නිමල් ජයරත්න )

පොළොන්නරුව, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමිය තුළ පිහිටි කඩ මැස්සක නිදාගෙන සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු අද (09) වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

එසේ මියගොස් ඇත්තේ දිඹුලාගල, පළමු පිය පියවර අංක 1/4 ලිපිනයේ පදිංචි බී.කරෝලිස් (75) යන අයයි. 

මේ පුද්ගලයා බොහෝ කාලයක සිට දිඹුලාගල විහාරස්ථානයේ අත් උදව්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් රාත්‍රී කාලයට විහාරස්ථාන භූමියේ පිහිටි තාවකාලික වෙළඳසැලක නිදා ගන්නා බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

 ( ඡායාරූපය- නිමල් ජයරත්න)

 



අදහස් (0)

වන අලියකුගේ පහරදීමෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site