(චන්දන ප‍්‍රනාන්දු)
වෙන්නප්පුව සමූපකාර සමිතියේ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 42 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සාමාන්‍යාධිකාරිවරියට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත කොට්ඨාස පොලිස් විශේෂ විමර්ශන අංශය පවසයි.
2014 සිට 2017 දක්වා කාලය තුළ අදාළ තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරමින් මෙම මුල්‍ය වංචාව සිදුකර ඇති බවට සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ හා වයඹ පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කළ මූලික පරික්ෂණයකින් හෙළිවී තිබේ.
එම මුල්‍ය වංචාවට හිටපු සාමාන්‍යාධිකාරිවරිය වගකිවයුතු බවට තහවුරු වීම නිසා එම වාර්තාව පදනම් කරගෙන මෙම පැමිණිල්ල කර ඇති බව පොලිසිය කීය.
සමූපකාර සමිතියේ මුදල් පෞද්ගලික මුල්‍ය ආයතනවල තැන්පත් කිරීම වෙනුවෙන් ලැබු මුදල් නියමිත ආකාරයෙන් බැංකුගත නොකර එම මුදල් හිටපු සාමාන්‍යාධිකාරිවරියගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇතැයි හෙළි වී තිබෙන බව හලාවත කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය පැවසීය.
මුල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු සමාන්‍යාධිකාරිවරියගේ වැඩ තහනම් කර ඇති බවත් ඉදිරියේදි පොලිස් පරික්ෂණ මත ඇයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වෙනු ඇති බවත් වෙන්නප්පුව සමූපකාර වැඩබලන සමාන්‍යාධිකාරි යු එල් ශ‍්‍රියාලතා මහත්මිය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙන්නප්පුව සමූපකාරයේ ලක්ෂ 42ක වංචාවක්
සපුමල් බණ්ඩාර Wednesday, 17 January 2018 05:37 AM
යකඩ මල්ලටත් ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල ඉතුරු වෙයිද? මහ බැංකුවත් මංකොල්ල කෑව එකේ සමූපකාරෙ ඉතුරු කරයිද?