( වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ )
මාරවිල කටුනේරිය මුහුදු වෙරළේ සිටියදි රැළි පහරකට ගසාගෙන ගිය 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක් අද (22) උදෑසන වෙන්නප්පුව කොළින්ජාඩිය වෙරළට ගොඩ ගසා තිබියදි සොයා ගත් බව පොලිසිය කියයි.
අංක 61 රිටා පෙදෙස නාගසේන, ලිදුල ලිපිනයේ පදිංචි නයන්ත නිරෝෂ විජේරත්න යන තරුණයා මෙලෙස මිය ගොස් ඇත.
මිතුරන් දෙනකු සමග මියගිය තරුණයාගේ කටුනේරියේ පිහිටි සිය පෙම්වතිගේ නිවසට පැමිණ එම තරුණිය සමග මුහුදු වෙරළට ගොස් සිටියදි මෙම අනතුර සිදුවි ඇති බව පොලිසිය කියයි.
මුහුදු රැළට ගසාගෙන ගිය සිය පෙම්වතා බේරා ගැනිමට තැත්කල තරුණියද රැලකට ගසා ගෙන යමින් සිටියදි අවට සිටි පිරිස් බේරා ගෙන ඇති අතර ඇය මේවන විට මාරවිල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නිය.
මාරවිල සහ වෙන්නප්පුව පොලිස් ස්ථාන අනතුර ගැන පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd