IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වනෝද්‍යානවල ටිකට් මිල අඩුවෙයි

(විනීතා එම් ගමගේ)

                      

සංචාරකයකන් සඳහා වනෝද්‍යානවල ප‍්‍රවේශ පත‍්‍රමිල අඩු කිරීමට කටයුතු කරන බව පරිසර හා වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද (22) පැවසීය.

සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමේ අරමුණින් මෙසේ ප‍්‍රවේශපත‍්‍ර මිල අඩුකිරීමට තිරණය කළ බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

වාර්ෂිකව මෙරටට එන සංචාරකයින්ගෙන් 25% ක් යාල වනෝද්‍යානය නැරඹීමට යන බව කී අමාත්‍යවරයා වනෝද්‍යාන කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරය තව බොහෝ දියුණු කළ හැකි වන බව ද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද සඳහන් වන අන්දමින් මිලියන දහයක් සංචාරකයන් මෙරටට ආකර්ශණය කර ගැනීමේ ඉලක්කය අනුව මෙසේ ප‍්‍රවේශපත් මිල පහළ දැමීමට කටයුතු කරන්නේ යැයි කී චන්ද්‍රසේන මහතා ප‍්‍රවේශපත් මිල අඩුකරන අතරම වනෝද්‍යානවල සංචාරකයන් සඳහා වන පහසුකම් වැඩි කිරීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය. 

මේ අතර මාදුරුඔය ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් කරනු ලැබුවත් මේ වනතුරුත් ඊට අදාළව එහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුව නැතැයි කී චන්ද්‍රසේන මහතා එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන බව ද කියා සිටියේය.

මේ අතර අලි ඇතුන් සංරක්ෂණය සඳහාම වෙන්වූ හොරොව්පොතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය සංචාරකයන් සඳහා ද විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

වනෝද්‍යානවල ටිකට් මිල අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site