අජිත්ලාල් ශාන්තඋදය
සිය නිවසේ මිදුලේ දී අලියකු පහර දීමෙන් රක්වාන කජුගස්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙක් අද (21) අලූයම මිය ගිය බව බව රක්වාන පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රක්වාන කජුගස්වත්ත පදිංචිව සිටි කේ.ඒ. පොඩිමහත්මයා (84) යන අය වේ.
මියගිය තැනැත්තා නිවසේ සිට අලූයම එකට පමණ මුත‍්‍රා කිරිමට නිවසින් එළියට පැමිණි අවස්ථාවේ මිදුලට පැමිණ සිටි වන අලියා පහර දී ඇති බව පොලීසිය කියයි.
පහර දී ඇත්තේ සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනාගෙන් එකෙක් බව ප‍්‍රදේශවාසීහූ පවසති. .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd