(දයාරත්න ඇඹෝගම)
ඉදිගස්පොතාන ප්‍රදේශයේදී වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු සිය නිවස ඉදිරිපිටදීම අද(14) අළුයම මියගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉදිගස්පොතාන, තන්තිරිමලේ පදිංචිව සිටි එස්.නිමල් නැමති 65 හැවිරිදි සිව්දරු පියෙකි.
මියගිය පුද්ගලයා සිය නිවස ඉදිරිපිටට පැමිණි වන අලියා පලවා හැරීමට ගිය අවස්ථාවේදි අලියා ඔහු පසුපස ලුහුබැඳ ඇතැයි පොලිසිය කියයි.වන අලියා ගෙන් බේරීමට දිව ගිය පුද්ගලයා ගෙවත්තේ අඹ ගසක මුලක ගැටී බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේදි වන අලියා ඔහුට පහරදී කකුලකින් පාගා ඇති අතර ඔහු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිස් නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd