IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුහල්පතිට තර්ජනය කළ අයෙකු අත්අඩංගුවට ගන්න පරීක්ෂණ

(දයාරත්න ඇඹෝගම)

ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන්  පාසලට පැමිණි සිසුන් ආපසු නිවෙස් වලට යැවීමට කටයුතු කළැයි චෝදනා කරමින්  අද (27) අනුරාධපුර පහළ තලාව විදුහලේ  විදුහල්පතිවරයාට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කල පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි තලාව පොලිසිය පවසයි.

තර්ජනය  කිරිම සම්බන්ධයෙන්  විදුහල්පතිවරයා විසින් තලාව පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව  කඩිනමින්  පරික්ෂණ සිදුකර එම සැකකරු  අත් අඩංගුවට ගෙන නිතිය  ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (27) උතුරු මැද නියොජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මෙම විදුහල්පතිවරයා අසනීප තත්ත්වයෙන් පසු  වන කිහිලිකරු ආධාරයෙන් සිය රාජකාරි කටයුතු  කරන අයකු වන අතර මෙම තර්ජනය හේතුවෙන් ඔහු දැඩි කම්පනයකින් පසුවන බවද සභාපතිවරයා පැවසීය .

 



අදහස් (1)

විදුහල්පතිට තර්ජනය කළ අයෙකු අත්අඩංගුවට ගන්න පරීක්ෂණ

rama Thursday, 27 February 2020 09:39 AM

එයා වර්ජනය වෙලාවේ රාජකාරියක් කලේ නැත්නම් කොහොමද රාජකාරියට බාදාවක් වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site