IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
විදේශ රටවල රැකියා දෙන බව කියා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කර,  සැගව සිටියදී අත්අඩංගුවට ගත් සංචාරක ව්‍යාපාරිකයකු දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(20) නියෝග කළාය.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකළේ කටාන මිරිස්වත්ත දෙමන්හන්දියේ පදිංචි බව කියන  බ්‍රයන් බර්නාඩ් ඩේවිඩ් නමැති 57 හැවිරිදි අයෙකි.
 
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබාගත් 11 දෙනාට  ප්‍රංශ සහ ජපන් විසා ලබා දෙන බව පවසමින් සැකකරු ව්‍යාජ ලේඛන ලබාදී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය. එසේ ව්‍යාජ වීසා පත් ලබාදී ඇති සැකකරු කලක් තිස්සේ චීනයට පලාගොස් සැඟවී සිටඇත.
 
පසුගිය දිනක ඔහු බිරිඳ බැලීමට රහසිගතව යලි ලංකාවට පැමිණ ඇත. ඒ ගැන හෙලිදරව්වීමෙන් පසු  වංචාවට ලක්වූ පුද්ගලයන් මුල්වී  සැකකරු අල්ලා මීගමුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට බාරදී  ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප ඉල්ලා සිටියත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු මෙසේ බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
 
මිගමුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක විජේරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉන්දික ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටියේය.



අදහස් (0)

විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site