(නිශාන්ත කුමාර)
විදුලි සැර වැදීමෙන් බරපතල තුවාල ලැබූ කන්දකැටිය ප්‍රදේශයේ තරුණයකු අද (24) කන්දකැටිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බදුලු ඔය කදපොත්තාව පදිංචි කේ ඩී බන්දුල නමැති වයස අවුරුදු 28 ක තරුණයෙකි.
තම ගෙවත්ත එළි පෙහෙළි කරමින් සිටියදී විදුලි කණුවක ආධාරක කම්බියක් පෑගීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd