(රංජන් කස්තුරි සහ මනෝජ් හර්ෂික)
රට පුරා විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියලු අංශවලට දැඩි ආරක්ෂාවක් සපයා ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව විදුලි බලාගාර, බලාගාර ආශ්‍රිත ජලාශ, සම්ප්‍රේෂණ මාර්ග පද්ධති, පද්ධති පාලන මධ්‍යස්ථාන, ග්‍රිඩ් උපපොළවල් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව සපයා ඇති බවද එම අමාත්‍යංශය කියයි.
මීට අමතරව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන මෙන්ම විදුලි ඩිපෝවල ආරක්ෂාව තර කර තිබෙන බවද විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇමති තුමාලා මතක තියාගන්න කොටි ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ කුළුණු වලට බෝම්බ තිබ්බ කියලා. ඒක නිසා ඒවා ගැනත් අවදානයෙන් ඉන්න වේවි. ලක්ෂපාන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයේ සිට ඔරුගොඩවත්ත කැලණිතිස්ස බලාගාරයට විදුලිය සම්ප්‍රේෂණ කරන 220kva ප්‍රධාන කුළුණු ගැන හොද අවදානයෙන් ඉන්න
විදුලි බලාගාර වලට ගැහුවොත් පෞද්ගලික බලාගාර වලින් ගමු රවී මහත්තයත් කැමති වෙයි....