( ඩී .කේ.රත්න )
ඌවපරණගම අඹගස්දෝව පේරවැල්ල ප‍්‍රදේශයේදී එළවලූ වගාවකට ඇද තිබූ විදුලි කම්බියක දැවටීමෙන් විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඌවපරණගම අඹගස්දෝව පේරවැල්ල දඹවැල්කැටිය පදිංචි ඒ.කේ.අසංක සංජය නැමති විසිහය හැවිරිදි පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
මෙම පුද්ගලයාගේ නිවස අසළම එළවලූ වගාවකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක දැවටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිද විසින් පොලිස් හදිසි දුරකථන අංකයට ලබා දුන් තොරතුරක් අනුව අඹගස්දෝව පොලීසිය මෙම පුද්ගලයා සොයා ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.