(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය,දියසෙන්පුර,රත්මල්යාය ප‍්‍රදේශයේදී අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී විදුලි සැරවැදීමෙන් අද(24) පුද්ගලයෙකු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය,දියසෙන්පුර පදිංචිව සිටි ජේ.එම්.රුවන්ත බණ්ඩාර ජයසුන්දර නැමැති 31 හැවිරිදි එක්දරු පියෙකි.
හෙතෙම සිය නිවෙසේ බිත්තියෙක අලූත්වැඩියාවක් කරමින් සිටියදී මේ විදුලි සැරවැදීම සිදුවී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
විදුලිය සැර වැදීමෙන් පසුව එම පුද්ගලයා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් මියගොස් සිටි බව පොලීසිය සඳහන් කලේය.
මැදිරිගිරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd