(උපාලි ආනන්ද)
විදුලිය සැර වද්දවා වල් අලියකු මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් ලක්ෂ දෙකක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (7) නියම කළේය.
මෙලෙස දඩ නියම වූයේ පදවිය 18 කනුව ලිපිනයේ එස් ඒ ගාමිණි පූෂ්ප කුමාර නැමැත්තෙකි.
2019 වසරේ දෙසැම්බර් මස 23 වන දින පදවියේදී අඩි 8 ක් උස අවුරුදු 25 ත් 30 ත් අතර වයසැති වන අලියකුට විදුලි සැර වද්දවා ඌව මරා දැමූ බවට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වනජීවි දෙපාර්තමේන්තු මගින් මෙම සැකකරුට එරෙහිව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
889
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලිය සැර වද්දවා වල් අලියකු මැරූ අයකුට දඩයක්