IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලිය ඇණ හිටිමෙන් ගාලු තැපැල් කාර්යාලයේ වැඩ නවති

(සිරංගිකා ලොකුකරවිට, අමිල මධුශංක)

විදුලි බලය නොමැති වීමෙන් අද (15) ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කටයුතු අඩපණව ඇත. ප්‍රදේශයට විදුලිය සපයන විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) විසින් අලුත්වැඩියා කටයුත්තක් සඳහා විදුලිය කපාහැර ඇති අතර තැපැල් කාර්යාලයේ ජෙනරේටර් දෙකම ක්‍රියා විරහිතව ඇති බව සේවකයෝ පවසති. 
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් පත්‍ර යැවීමේ අවසාන දිනය වන බැවින් අද උදෑසන සිට ඒ සඳහා පැමිණි පෞද්ගලික අයදුම්කරුවන් බොහෝ දෙනකු අපහසුතාවයට පත් වූ බවත් ඔවුන්ට වෙනත් තැපැල් කාර්යාල වෙත යෑමට සිදුවූ බවත් පැවසේ.
 
විභාග සඳහා මුදල්ගෙවීම් කටයුතු පරිගනක ගත කර ඇති බැවින් කුවිතාන්සි නිකුත් කිරීමට නොහැකි වී ඇත.  පසුගිය දින දෙකේ තැපැල් සේවකයන්ගේ වර්ජනයක් ද පැවතුණු බැවින් අද දින බොහෝ දෙනෙක් තැපැල් කාර්යාලය වෙත තම අවශ්‍යතා ඉටුකරගැනීම සදහා පැමිණෙනු දක්නට ලැබුණි.



අදහස් (0)

විදුලිය ඇණ හිටිමෙන් ගාලු තැපැල් කාර්යාලයේ වැඩ නවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site