IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිබිල ගෙවන්න ආ අයෙක් ඇද වැටී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

හෝමාගම විදුලිබල  මණ්ඩල කාර්‍යාලයට  විදුලි බිල් පතක් ගෙවා නැවත එමින් සිටි පුද්ගලයකු  එම කාර්යාලය පරිශ්‍රය  තුළදීම  වැටී මියගොස් ඇතැයි  හෝමාගම පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර , සිංහපුර, පදිංචි අන්ද්‍රා  හැන්නදිගේ කරුණාරත්න  (59) තිදරු පියකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයාට අයත් නිවසක විදුලි බිල්පතක්  ගෙවීම සඳහා හෝමාගම  විදුලිබල මණ්ඩල කාර්යාලයට පැමිණ ඇති අතර බිල්පත ගෙවා නැවත නිවසට යමින් සිටියදී  එක්වරම,කාර්යාල පරිශ්‍රය තුළ බිම ඇද වැටී ඇතැයි පැවසේ.

පසුව එම ස්ථානයට බිල්පත් ගෙවීම සඳහා පැමිණ  සිටි  කිහිපදෙනෙකු බිම ඇදවැටුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතරතුර දී මෙසේ මිය ගොස් ඇතැයි පැවසේ .

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු  චින්තක  උදයකුමාර මහතා පැමිණ  ස්ථානීය පරීක්ෂණය සිදුකරන ලදී.

මියගිය පුද්ගලයා පදිංචි ප්‍රදේශය අයත් තලංගම  පොලිස් ස්ථානයට සිද්ධිය වාර්තා කිරීමත් සමඟ ඉන්  පොලීස් නිළධාරියෙකු පැමිණ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය  සඳහා ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

ඒ අනුව මෘත දේහය  පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් අද (7) හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ දී  සිදුකිරීමට නියමිත ය.



අදහස් (1)

විදුලිබිල ගෙවන්න ආ අයෙක් ඇද වැටී මරුට

lanka Wednesday, 07 October 2020 10:04 AM

පව් අසනීපෙන් ඉන්න ඇත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site