සිරිනිහාල් ගමගේ
වඳුරඹ කොකාවල රක්ෂිතයට ඇතුළු වී එහි ඉඩම් බලහත්කාරයෙන් තමන් සතු කරගෙන සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
මෙම කොකාවල රක්ෂිත භුමිය බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බාරයේ පවතින අතර එම භුමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි තිබු ගස්වල කපා එළිපෙහෙළි කරමින් සිටින බවට බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරියට තොරතුරු ලැබී ඇත.
ඒ පිළිබඳව සොයා බැලු ප්‍රාදේශීය ලේකම්වරිය එම කරුණු සත්‍ය බව අනාවරණය කරගෙන මේ පිළිබඳව වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට නීත්‍යානුකුල පියවර ගැනීමට දන්වා තිබේ.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් සිද්ධිගත කොකාවල රක්ෂිතයට ගොස් එම රක්ෂිතයේ අනවසයෙන් ඇතුළු වී සාපරාධි රක්ෂිත පරිහාරයේ යෙදී සිටි කාන්තාවක හා පිරිමි සැකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd