(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කලුතර දිස්ත්‍රික් ශාඛාවේ උප සභාපති වෛද්‍ය කපිල සිරිවර්ධන මහතාට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයට සහ එම සංගමයේ උප ලේකම් නලින් සොයිසා මහතාට අයත් වෛද්‍ය රසායනාගාරයට කළු තෙල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍ය කපිල සිරිවර්ධන මහතාට අයත්, කලුතර නාගොඩ හන්දියේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය සහ වෛද්‍ය නලින් සොයිසා මහතාට අයත්, කුඩා වස්කඩුව පිහිටි වෛද්‍ය රසායනාගාරයට මෙම කළු තෙල් ප්‍රහාරය ඊයේ (27) රාත්‍රියේ එල්ල වී ඇත.
කළු තෙල්වලට අමතරව, ගල් මුල්වලින් පහර දී ඇතැයි පොලිසිය කියයි.
වෛද්‍ය රසායනාගාරයේ ඉදිරිපස වීදුරු ආවරණවලට මින් හානි වී ඇතැයිද පොලිසිය පවසයි.
කලුතර උතුර සහ දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවිධානය වැඩ පටන් අරගෙන වගේ
ඉතා හොඳ දෙයක්. මිනිස්සු ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වගේ ජොස්තර ලට මෙහෙම තමයි කරන්න ඕන. නැත්නම් හොඳ දොස්තරවරුන්ගේ නමත් කැත වෙනවා.
ජය වේවා ! මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පනින එක සාධාරණයි !