IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරයාට පහරදුන් පෞද්ගලික බස් සේවකයින් දෙදෙනා රිමාන්ඩ්

( ඩී.කේ.රත්න )
හපුතලේ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පෞද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනා  බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි  බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (29) නියෝග කළේය.
 
 පෞද්ගලික බස් රථයේ රියදුරු ලෙස සේවයේ නියුතුව සිටි ඉදල්ගස්හින්න බෝවවත්ත අංක 20 ලිපිනයේ පදිංචි අයියසාමි සුබ‍්‍රමනියම් සහ එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවයේ නියුතුව සිටි ඉදල්ගස්හින්න බෝවවත්ත අංක 06 ලිපිනයේ පදිංචි ක‍්‍රිෂාන් මූර්ති සුරේශ් කුමාර් නැමති අය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
 
 හපුතලේ රෝහලට අනුයුක්තව සේවයේ යෙදී සිටි කසුන් උදාරංග නැමති වෛද්‍යවරයෙකු සිය මෝටර් රථයෙන් හපුතලේ බෝවවත්ත මාර්ගයේ යමින් සිටියදී පෞද්ගලික බස් රථයට ඉඩදීම සම්බන්ධයෙන් ඇතිවූ කතා බහකදී තංගමලේ රෝහල අසලදී මෙම වෛද්‍යවරයාට පහරදී ඇතයි හපුතලේ පොලීසිය පවසයි.
 
පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා හපුතලේ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.



අදහස් (0)

වෛද්‍යවරයාට පහරදුන් පෞද්ගලික බස් සේවකයින් දෙදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site