IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


වෛද්‍යවරයෙක්ගෙන් කප්පම් ඉල්ලූ අයෙක් රිමාන්ඩ්


අනීෂා මානගේ  

තංගල්ල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලා සිටීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම මස 28 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්  ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද (14) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ තංගල්ල මූලික රෝහලේ සාත්තු සේවකයෙක් ලෙස සේවයේ නිරතව සිටි එන්.ජී.මධුශංක (23) නම් ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරු ඉකුත් 06 වැනිදා තංගල්ල මූලික රෝහලේ සේවයේ නියුතු  හා නාරි විශේෂඥ වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ රුපියල් ලක්ෂ පහලොවක කප්පම් මුදල් ලබා නොදුන්නහොත් වෛද්‍යවරයා හෝ වෛද්‍යවරයාගේ දරුවා ඝාතනය කරන බවයි.  

වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුරකථන ඇමතුම ලබාදුන් අංකය ඔස්සේ විමර්ශන සිදුකර සැකකරු ඊයේ(13) තංගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබිණි. 



අදහස් (0)

වෛද්‍යවරයෙක්ගෙන් කප්පම් ඉල්ලූ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 406 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site