IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)
 
විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා  හෙරොයින් මත් කුඩු ලබාගෙන ඒවා හම්බන්තොට ධීවරයින්ට විකිණීමේ ජාවාරමක නිතර වු සැකකරුවෙකු හම්බන්තොට ගබඩා හංදිය අසලදී තංගල්ල කොට්ඨාස  සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට පරණ තංගල්ල පාර, සමගිපුර පදිංචි 32 හැවිරිදි තිදෙරු පියෙකි. සැකකරු අධික ලෙස හෙරොයින් මත් කුඩු සදහා ඇබ්බැහි වී සිටින අයෙකු බවත් ඒ හේතුව නිසාම දරුවන්ද පියාගෙන් වෙන්ව ළමා නිවාසයක සිටින බවත් පොලිසීය පවසයි.
 
 සැකකරු අද (28) පෙරවරුවේ හම්බන්තොට ධීවර වරායට අලෙවි කිරීම සදහා හෙරොයින් මත් කුඩු රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.
 
 එහිදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට අඳුමක සගවාගෙන සිටි හෙරොයින් මත් කුඩු මිළි ග්‍රෑම් 495ක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ජවාරම සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේ පවතින නඩුවකට හා මංකොල්ල කැමක් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට වරෙන්තු ලබා සිටින අයෙකු බවද පොලිසිය පවසයි.
 
 සැකකරු පොලීසියට කට්ටි පනිමින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර හෙරොයින් මිළදි ගැනිමට මුදල් නොමැති අවස්ථාවල දේපළ මංකොල්ලකැම් වලද නිරත වි තිබේ.
 
සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා හම්බන්තොට පොලීසියට බාර දි ඇති අතර සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site