IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වතු පාලනාධිකාරියට එරෙහිව ඉන්දියානු කාර්මික ශිල්පියෙක් විරෝධතාවයක

(රංජිත් රාජපක්ෂ)                       
 
හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල වුටන් වතුයායේ කාර්මික නිලධාරියෙකු වශයෙන් සේවය කළ ඉන්දියානු ජාතිකයෙක්, වතු පාලන අධිකාරියට එරෙහිව අද(06) විරෝධතාවයක් ආරම්භ කළේය.
 
සිය බිරිඳ සහ කුඩා දියණිය ද සමඟ  මෙසේ විරෝධතාවක් ආරම්භ කර ඇත්තේ ඒ. එස්. මගාසුන්දරම් නැමති කාර්මික ශිල්පියෙකි.       

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල දෙවන නගරය හරහා වුටන් වතුයායට පිවිසෙන මාර්ගය අවහිර කරමින් ඔහු මෙසේ විරෝධතාවයේ නියැළෙයි.
 
ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිව සිටි ඔහු වසර දෙකහමාරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එදා සිට කාර්මික ශිල්පියෙකු වශයෙන් අදාළ පෞද්ගලික වතුයායේ සේවය කරමින් සිටි බවත්, පැවසීය.
 
වතු පාලන අධිකාරිය මගින් පසුගිය දා ඔහු සේවයෙන් ඉවත් කර ඔහුට ලබා දී තිබූ තාවකාලික නිල නිවාසයේ විදුලි බලය සහ පානීය ජලයද කප්පාදු කර ඇත.
 
සංචාරක වීසා මත පැමිණි ඒ මහතා, වතුයායේ වසර දෙකහමාරක කාලයක් සේවය කළ බවත්, එම කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වීසා කාලය දීර්ඝ කර නොමැති බවත් ඔහු කීය.
 
වතු පාලන අධිකාරිය කිසිදු දීමනාවක් තමන්ට නොගෙවීම සම්බන්ධයෙන් දිඹුල පොලිසියටද තමන් පැමිණිලි කළ බවත්, එම පැමිණිල්ලටද සාධාරණයක් ඉටු නොවු නිසා තමන් බිරිඳ සහ දරුවා සමඟ විරෝධතාවයේ නියැළී සිටින බවත් හෙතෙම පැවසීය.
 
තමන්ට ගෙවිය යුතු හිඟ වැටුප් ගෙවන බවට වතු පාලන අධිකාරිය පොරොන්දු වන තෙක් තමන් විරෝධතාවයේ නියැලෙන බව මගාසුන්දරම් මහතා කියාසිටියේය.
 
විරෝධාතයේ නියැලි සිටි ස්ථානයට පැමිණි වුටන් වතුයායේ වතු පාලන අධිකාරිය සහ මගාසුන්දරම් මහතාට සහයෝගය දැක්වීමට පැමිණ සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
 
මේ වසරේ ජනවාරි මාසයෙන් මොහු රැකියාවෙන් ඉවත් වන බවට දැනුම් දී තිබුණද මෙතෙක් සේවයෙන් ඉවත් නොවී වතු පාලන අධිකාරියෙන් විවිධ ඉල්ලීම් කරමින් සිටින බව  වතු පාලන අධිකාරිය සඳහන් කළේය.



අදහස් (0)

වතු පාලනාධිකාරියට එරෙහිව ඉන්දියානු කාර්මික ශිල්පියෙක් විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site