(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වතු කළමණාකරුවන් සිව්දෙනෙකුට ඉකුත් (05) දා කළ පහරදීම සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 18 දෙනා නාවලපිටිය දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
කොත්මලේ,“බ්ලූ ෆීල්ඩ්” තේ වත්තේ වතු කම්කරුවන් පිරිසක් විසින් එම වතුයායේ කළමනාකරුවන් හා ඔවුන්ගේ දේපළවලට ඉකුත් (05) රාත්‍රියේ පහරදුන් බවත්, එහිදී වතු පාලනාධිකාරියේ සිව්දෙනෙකුට තුවාල වී ඇති බවත්, ඉන් දෙදෙනෙකු ගම්පොල රජයේ මුලික රෝහලට ඇතුළත්කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් කොත්මලේ පොලිසිය පවසයි.
බ්ලූෆීල්ඩ් තේ වත්තේ සේවය කරන වතු කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම්වලට බැර නොකරන බවට චෝදනා කරමින් කම්කරුවෝ ඊයේ (04) දා දහවල් විරෝධතාවක්ද පැවැත්වූහ. එම සිද්ධිය මුල්කර ගනිමින් රාත්‍රියේ කම්කරුවන් පිරිසක් වෘත්තිය සමිති නායකයින් පිරිසක් සමග එක්ව මෙම පහරදුන් බව වතු පාලකවරු පවසති. මෙම ගැටුමේදී කළමණාකරුවන්ගේ බංගලා දෙකකට, මෝටර් රථයකට හා ජිප් රථයකට මෙන්ම තේ කර්මාන්තශාලාවේ ගොඩනැගිලිවලටත් පහර දී හානි සිදුකළ බවත්, ලක්ෂ 15ක මුදල්ද පැහැරගෙන ගිය බවටත් චෝදනා කර සිටිති.
බ්ලූෆීල්ඩ් තේ වත්ත ප්‍රදේශයේ මිනිස් හා දේපල ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
490
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතු කම්කරුවන්ට පහරදුන් 18 දෙනා රිමාන්ඩ්