(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ විතානමුල්ල ඇන්කර්වත්ත ප්‍රදේශයේ පිහිටි වැසිකිළියක් තුළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (11) ප්‍රදේශවාසියෙකුගේ දැනුම් දීමක් මත සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
මිය ගොස් සිටි පුද්ගලයා ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.විමල් පුෂ්ප කුමාර නැමැති 29 හැවිරදි විවාහක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මරණකරු විතානමුල්ල ඇන්කර්වත්ත ප්‍රදේශයේ පිහිටි වැල්ඩින් වැඩපොළක නැවති සේවය කර ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සේවා ස්ථානයේ හිමිකරු මරණකරුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගෙන ඇතත් පිළිතුරු ලැබී නොමැති අතර ජංගම දුරකථනය ක්‍රියා විරහිත වීමේන් මරණකරුගේ බිරිඳ සේවා ස්ථානයේ හිමිකරුට අද (11) දුරකථනයෙන් කතා කිරීමෙන් අනතුරුව කළ සොයා බැලීමකදී වැසිකිළියක තිබී මරණකරුගේ සිරුර හමුවී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.