IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය දුම්රිය රියදුරන්ගේ වර්ජනයයි - අමාත්‍ය මහින්ද අම


අනීෂා මානගේ
මේ රටේ වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය මෙවර දුම්රිය රියදුරන් සිදුකළ වර්ජනය බවද එය ඇතැම් දේශපාලනඥයින් මෙම වැඩවර්
ජනය සදහා යටිඋල්පන්දම් දෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අද (11) බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී පැවැති “වැව් දහසක් - ගම් දහසක්” වැඩසටහනට සහභාගී වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මේ රටේ වෘත්තීය සමිතියක් කල අසාධාරණම වැඩවර්ජනය තමයි දුම්රිය රියදුරන් කලේ. උදේ අහිංසක මිනිස්සු ටික කොළඹට කෝච්චියේ එනවා. රාජ්‍ය සේවකයෝ, බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු ඔක්කොම අය එනවා. හවස තුනට එකපාරටම කෝච්චි වැඩ වර්ජනය කරනවා. මම හිතන්නේ නෑ මේ තරම් මිලේච්ඡ වැඩ වර්ජනයක් මීට පෙර ක්‍රියාත්මක වුණා කියලා. අද වෙනකොට කෝච්චි රියදුරෙක් මාසෙකට ගන්න වැටුප දොස්තර මහත්තයෙක් ගන්න වැටුපටත් වඩා වැඩියි. මම අහගෙන කියනවා වැඩිවෙන්නේ තුන්සිය ගානයි කියලා. තුන්සිය ගානයි නෙවෙයි එකතුවෙලා එනකොට දහස්ගාණක් වැඩි වෙනවා. ඒත් අපි කැබිනට් මණ්ඩලයේ කිව්වෙ නැහැ දෙන්නේ නෑ කියලා.

අපි ඒව දෙන්න ලෑස්තියි. හැබැයි ඒත් සමගම තවත් තනතුරු 28කට ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ 28 ම විසඳන්න අපි ලබන සතියේ ඉදල කටයුතු කරන බවටයි අපි තීන්දු ගත්තේ. නමුත් ඒක අහන්නේ නැතුවයි හිතුවක්කාර විදියට මේ වැඩවර්ජනය කරන්නේ. මේවායේ යටි අරමුණු වෙන කිසිවක් නෙවෙයි දේශපාලන උවමනාවන්. දේශපාලනඥයෝ තමයි මේවට යටි උල්පන්දම් දෙන්නේ. මේ අයට ඔක්සිජන් දෙන්නේ දේශපාලනඥයෝ. මේ සමිති වල අය හම්බවෙලා සමහර දේශපාලනඥයෝ කියල තියෙනවා වැඩ වර්ජනය දිගටම ගෙනියන්න,

අපි බලාගන්නම් ගැටළුවක් ආවොත් කියලා.  මේ වගේ පහත් මට්ටමට වැටුණු විපක්ෂයේ දේශපාලනඥයෝ නෙවෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇතිවෙනකොට සුභවාදීව ගිහින් ඒ ප්‍රශ්නය විසදන්න උත්සාහ කරන විපක්ෂයක් තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ.“ යනුවෙන් පැවැසීය.



අදහස් (1)

වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය දුම්රිය රියදුරන්ගේ වර්ජනයයි - අමාත්‍ය මහින්ද අම

ranavi Saturday, 11 August 2018 10:35 AM

මේ රටේ වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය මෙය බව රටම දන්නවා වුනාට මෙය මෙහෙයවන්නේ ජාතිය ආගම පන්සල කියමින් වටේ කැරකෙන මිලේච්ඡතම පිරිසක් බව දන්නෝ දනිති. මේ අවස්ථාවේ රටේ පොදු ප්‍රවාහන සේවයෙන් රැකියා ලෙඩ රෝග වෙනත් කටයුතු සඳහා යන එන මගීහූ අන්ත අසරණ වෙලා. රජය තුල සිටිමින් රජය එපාකරවන අයත් බලය සඳහා මිලේච්ඡත්වයම පමණක් දන්නා පිරිසක් මෙය මෙහෙයවන අතර රජය රටේ නායකයෝ එදා දුන් පොරොන්දු ඉෂ්ට වූවානම් අද මේ ප්‍රශ්න කිසිවක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site