IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයඳුම්පත් කැඳවයි

(රංජන් කස්තුරි)

වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ලංකා වතුකම්කරු අධ්‍යපන භාරය මගින් අයඳුම්පත් කැඳවා තිබේ.

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ උපාධි අපේක්ෂා පාඨමාලා සහ කාර්මික හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ විෂයන් හයක් සමත් සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වයස අවුරුදු 25ට අඩු සිසුන්ට එම ශීෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

සම්පූර්ණකරන ලද අයදුම්පත් සමඟ උප්පැන්න සහතික,සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛණ,උසස් පෙළ ප්‍රතිඵල ලේඛණය දෙමාපියන් වැටුප් විස්තර , දෙමාපියන්ගේ රැකියාව පිළිබඳව වතුඅධිකාරීවරුන්ගෙන් ලබා ගත් සහතික වල ඡායාපිටපත්ද ඉදිරිපත් කළ යුතුය.

එම අයඳුම්පත් කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවිය වෙත www.hcicolombo.org යන වෙබ් අඩවිය ඔස්සේ කොළඹ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.

අයඳුම්පත් නොවැම්බර් මස 9 වැනිදිනට පෙර ලංකා වතුකම්කරු අධ්‍යාපන භාරය , ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය , තැපැල් පෙට්ටිය 882,කොළඹ යන ලිපිනයට එවිය යුතුය.



අදහස් (0)

වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයඳුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 741 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 899 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 374 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site