IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වාණිජය මත්ස්‍ය වගාවට මහකනදරා ගොවීන්ගේ විරෝධය


 
 
උපුල් තම්මිට          
 
රජයේ ගැසට් නිවේදනයක් මගින් මිහින්තලය මහකනදරා ජලාශයේ වාණිජයම මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට මහකනදරා ජලාශයේ ගොවීන් සිය විරෝධය පළකර සිටිති.
 
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත්  මහකනදරා ජලාශයෙන් වගාවට ලබාගන්නා ජලය සීමාකිරීමක් සිදුවීම නිසා තම වගාවට ඉන් ඝෘජුවම බලපෑමක් සිදුවන හෙයින් ගොවින් දැඩි විරෝධය පළකරන බව මහකනදරාවැව ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.
 
මහකනදරාවැව යටතේ වාණිජමය මත්ස්‍ය වගාව සඳහා හෙක්ටයාර දහයක බිම් ප්‍රමාණයක් වෙන්කිරීම තුළින් එමගින් ඉදිරියේදී මහකනදරවැව ව්‍යාපාරයේ ජල කළමනාකරණය සඳහා ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි පවසන අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ළසිදු කොටවිලආරච්චි මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව යළි සළකා බලන ලෙස ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා තිබේ.  
 



අදහස් (0)

වාණිජය මත්ස්‍ය වගාවට මහකනදරා ගොවීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site