(කුෂාන් ජයවර්ධන)
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වල් අලියෙකුට ප්‍රතිකාර කර සුවකිරීමට වනජීවි නිලධාරීහු අද (12) මහත් පරිශ‍්‍රමයක් දැරූහ.
කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් පලාගල වඩුවගේ වැව ඉස්මත්තේ එම අලියා වැටී සිට ඇති අතර බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා සිටින එම අලියා දින ගණනක සිට පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටියි.
අලියාගේ දකුණු පසුපස ඉදිරි පාදය හා පසුපස පාද දෙකටම වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වල් අලියා බිම ඇඳ වැටී සිටි අතර පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින අලියා නැවත නැගිට්ටවා තැබීමට වනජීවී නිලධාරීහු දැඩි පරිශ‍්‍රයක් දැරූහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්.වේරගම මහතාගේ හා වයඹ කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන් අලියා නැගිට්ටවීම සඳහා වූ මෙහෙයුම ක‍්‍රියාත්මක කෙරිණ.
පැය ගණනක් වූ එම උත්සහය ව්‍යර්ථ වූ අතර මෙහෙයුමට එක්වූ වනජීවී නිලධාරීන් පැවැසූයේ අලියාගේ තත්ත්වය බරපතළ බැවින් එම උත්සහය අසාර්ථක වූ බවයි.
කෙසේ වෙතත් බිම ඇද වැටී සිටින එම වල් අලියාගේ දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරීහු අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දෙමින් සිටින අතර අවශ්‍ය ආහාර පාන සපයා දෙමින් රෝගී අලියාගේ කුසගින්න නිවා දැමීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු කටයුතු කරමින් සිටියි.
අලියාගේ ආරක්ෂාව සඳහා ද වනජීවි නිලධාරීන් මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මක කර ඇත.


2025 දෙසැම්බර් මස 04
564
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙඩි වැදුණු අලියෙකු ගොඩගන්න වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක