IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වැඩි මිලට ලූනු විකිණූ වෙළඳුන් 10 කට නඩු

 

(තිලකරත්න දිසානායක) 

බී ලූනු ආනයන බද්ද වැඩි කිරීමට පෙර මෙරටට රැගෙන එන ලද බී ලූනු වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය වැටලීම් ආරම්භ කර තිබේ.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම සෝදිසි කිරීම් සිදුකර ඇති අතර අද (4)  ගම්පහ නගරය ආශ්‍රීතව වැටලීම් සිදු කෙරිණි. 

මේ දිනවල වැලිසර , වේයන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදු කර ඇති අතර අද (4) ගම්පහ නගරය ආශ්‍රිතව සිදු කළ වැටලීමේදී වෙළඳුන් 10 දෙනෙකු නීතියේ රැහැනට හසුව තිබිණි. 

මෙම කාලයේ දී මෙරට වගාකරුවන් විසින් වගා කර ඇති බී ලූනු අස්වනු නෙලීම සිදු කෙරෙන බැවින් වගාකරුවන්ට පාඩුවක් නොවීමට  බී ලූනු ආනයන බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.

බදු වැඩි කිරීමට පෙර ගෙන එන ලද ලූණු තොගවලට නව බද්ද එක් කර පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන්නේද යන්න සොයා බැලීමට මෙලෙස වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය. 

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙලෙස වැටලීම් සිදු කෙරෙන අතර අද දිනයේදී සිදු කළ වැටලීමට ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ  මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් එක්ව සිටියහ. 



අදහස් (0)

වැඩි මිලට ලූනු විකිණූ වෙළඳුන් 10 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site