IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වෙඩි බෙහෙත් ගබඩා බිමේ හරක් හොරෙන් විකුණු සිවිල් ආරක්ෂක අත්අඩංගුවට

පුෂ්පකුමාර මල්ලවආරච්චි

ඉඹුල් ගස් වාඩිය වෙඩි බෙහෙත් ගබඩා භූමියේ ගාල්කර සිටි ගවයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂයකට විකුණූ බව කියන සිවිල් ආරක්ෂක භටයකු සහ ගවයින් මිල දී ගත් පුද්ගලයින් දෙදෙනෙකු  අද (31) අලුයම අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  කටාන පොලිස් වසමට අයත් ඉඹුල්ගස්වාඩිය ප්‍රදේශයේ පිහිටි වෙඩිබෙහෙත් ගබඩා වේ ආරක්ෂාව සඳහා යොදවා සිටි කටුනායක කඳවුරට අයත් සිවිල්  ආරක්ෂක යෙකි.

එම ස්ථානයේ රැක වලින් යෙදී සිටි සිවිල් ආරක්ෂකයා එම ඉඩමේ ගාල්කර සිටි ගවයින් දෙදෙනා පෙරේදා 30 රාත්‍රී 7.00 ට පමණ රුපියල් ලක්ෂයක මුදලකට විකුණා  ඇතැයි මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ 

ගවයින් මිලදී  ගත් පුද්ගලයින් දෙදෙනා  ගවයින් දෙන්නා ලොරියක පටවා ගෙන රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

කටාන පොලිසිය ට ලැබුණු තොරතුරක් මත ගවයින් දෙදෙනා ප්‍රවාහනය කල ලොරිය හා මිලදී ගත් පුද්ගලයින් ද අ අඩංගුවට ගෙන ගෙන ඇත .

ගවයින් විකුණු සිවිල් ආරක්ෂකයා හා මුදල් ද ද පොලිසිය භාරයට ගෙන තිබේ.

සැක කරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිවිල් ආරක්ෂකයා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු පරීක්ෂණයක් පැවැත්වෙන බවද පොලිසිය කියයි.

කටාන පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

වෙඩි බෙහෙත් ගබඩා බිමේ හරක් හොරෙන් විකුණු සිවිල් ආරක්ෂක අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 95 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site