IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්ගෙන් ගුණසැමරුමට ඉලන්චේලියන් එක්වෙයි

ජුඩ් සමන්ත
 
යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ (22) පැවැත්විණි.


හලාවත - කුමාරකට්ටුවේ පිහිටි සරත් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ පැවති මෙම අවස්ථාවට ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාද එක්ව සිටියේය.


යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පසුගිය වසරේ ජූලි 22 වැනි දා මෙම ඝාතනය සිදු විය.


එවකට යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි එම්.ඉලන්චේලියන් මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි සරත් හේමචන්ද්‍ර මහතා දෙදරු පියෙකි. 


මහාධිකරණ විනිසුරුවරයාට පෙර ගමන් සපයමින් සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් සරත් හේමචන්ද්‍ර මහතා ජීවිතක්ෂයට පත් විය.


සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සදහා සහභාගී වූ මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා කියා සිටියේ සරත් හේමචන්ද්‍ර මහතා තමාගේ සමීප මිතුරෙකු බවත්,තමන් වෙනුවෙන් දිවි පිදූ ඔහුගේ දරුවන්ගේ අනාගතය තමා බාර ගන්නා බවයි.


ඒ අනුව තාවකාලිකව ඉදිකර තිබූ සරත් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ කටයුතු ද මහාධිකණ විනිසුරුවරයාගේ මැදිහත්වීම මත මේ වන විට අවසන් වී ඇත.


වර්ෂ පූර්ණයට සහභාගී වූ මහාධිකරණ විනිසුරුවරයා සරත් හේමචන්ද්‍ර මහතාගේ පවුලේ අය සමඟ ඔහු භූමදානය කර ඇති සුසාන භූමිය වෙත ගොස් ස්මාරකයට ගෞරව දැක්වීම ද සිදු කෙරිණි.
 



අදහස් (1)

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන්ගෙන් ගුණසැමරුමට ඉලන්චේලියන් එක්වෙයි

විජිත් Monday, 23 July 2018 06:26 AM

අව්‍යාජ මිනිස්කම කියන්නේ මෙයයි. ජාති, කුලමල ආගම ,ධනය ,බලය වැනි පුහු දේවල්වල නැති උත්තරිතර බවක් "මිනිස්කම" තුල රැඳී තිබෙන බව ලෝකයට කියාපාන තවත් එක අවස්ථාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 516 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site