(ඩබ් ඒ පියතිලක)
සෝමාවතිය ජාතික උද්‍යානයේ මුකලන්යාය ප්‍රදේශයේ දී කිසියම් පුද්ගයකු විසින් වෙඩි තැබීමෙන් අවුරුදු තුනක පමණ වනඅලි පැටියකු අද (1) මියගොස් ඇතැයි සුංගාවිල වනජීවි කාර්යාලය කියයි.
මෙම වනඅලි පැටියා ඊයේ (31) පස්වරුවේ දී වනජීවී නිලධාරීන් ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී වෙඩි වැදුණු තුවාලයක් සහිතව සිට ඇත. සුංගාවිල වනජීවි කාර්යාල නිලධාරීන් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරු දැනුවත් කර තිබේ.
ඒ අනුව ගිරිතලේ වනජිවි රෝහලේ වෛද්‍ය කලිගු ආරචිචි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අද (1) උදෑසන සෝමාවතීය ජාතික උද්‍යානයට ඇතුළු වන්නේ වනඅලි පැටියාට ප්‍රතිකාර කිරීම සඳහායි.
නමුත් එහි ළගා වෙන විටත් වනඅලි පැටියා මියගොස් ඇත. ඒ අනුව වෛද්‍යවරයා විසින් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු පවසා සිටියේ වෙඩි වැදීමෙන් අභ්‍යන්තර අවයවවලට තුවාල සිදුවීම හා සිදුවූ තුවාලවලට බැක්ටීරියා ආසාදන ඇතිවීමෙන් මෙම අලි පැටියා මරණයට පත්ව ඇති බවයි.



2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි තැබීමෙන් මුකලන්යායේ වනඅලියෙක් මිය යයි