IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෙඩි තැබීමකින් දෙදරු පියා මරුට

(කේෂර ගුණතිලක)

මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
 
මෙලෙස වෙඩිතබා ඝාතනය කැර ඇත්තේ මොනරාගල මාරාව තෙනගල්ලන්ද පදිංචි ඩී.එම් සෝභිත දිසානායක (50) නැමති ගොවි මහතෙකි.
 
 ඊයේ රාත්‍රෘයේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
 
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකැර තිබෙන අතර සැකකරු යුධ හමුදාවෙන් පළාගිය අයෙකි.
 
මියගිය අය රාත්‍රී 8.30 ට පමණ නිවසේ සාලයේ සිටින විට පැමිණ ඇති සැකකරු ඔහු සමඟ බහින්බස්වී වෙඩිතබා ඇත.
 
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ හෙතෙම මොනරාගල මහ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
 
ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇත. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

 



අදහස් (0)

වෙඩි තැබීමකින් දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 117 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site