
(අනීෂා මානගේ)
වැඩිකළ විශ්‍රාම වැටුප අහිමිකිරීමට විරෝධය දක්වමින් රජයේ විශ්‍රාමිකයෝ පිරිසක් අද(30) තංගල්ල නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ.
විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබූ අතර මේ සඳහා විශ්‍රාමිකයෝ 70ක පමණ පිරිසක් එක්ව සිටියහ.
2016 සිට 2020 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට හිමිකර තිබූ (2020.01.01සිට) රුපියල් 10,000ක වැටුප් වැඩිවීම චක්‍රලේකනයක් මගින් අහෝසි කිරීමට විරෝධය දක්වමින් මොවුහු විරෝධතා පාගමනේ නිරත වූහ.
මෙම පිරිස හේනකඩුව විහාරස්ථානයේදී දෙවියන් ඉදිරියේ දේව කන්නලව්වක් සිදුකළ අතර තම විශ්‍රාම වැටුප අහිමි කළ අයවලුන්ට විරෝධය දක්වමින් පොල් ගැසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd