( ඩබි ඒ පියතිලක)
අංගමිමැඩිල්ල ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා පැමිණි වන අලියෙකු අද ( 18) දින අලුයම අත්තනකඩවල ජයසිරිපුර ගමිමානයේ ගොවිබිමක වගා ළිදකට වැටි ඇති බව බකමුණ පොලිසිය කියයි.
අත්තනකඩවල යාය 506 අංක 236 ගොවි බිමේ පිහිටි වගා ළිදට මෙම වන අලියා වැටි ඇත. පසුව ගොවිබිම හිමිකරු විසින් බකමුණ පොලිසියට දැනුමි දිමෙන් පසු පොලිසිය විසින් දියබෙදුම වනජිවි කාර්යාලය වෙත දැනුම් දිමෙන් පසු වනජිවි නිළධාරින් සහ බකමුණ පොලිසියේ නිළධාරින් විසින් වන අලියා ගොඩ ගැනිමේ මෙහෙයුම පස්වරු හතරට පමණ ආරමිභ කරන බව එම නිළධාරින් කිය.
ළිදට වැටි ඇති වන අලියා වයස අවුරුදු 20 පමණ බවත් මෙසේ ළිදට වැටි ඇත්තේ ආහාර සොයා ගමිමානය වෙත පැමිණි වන අලියෙකු බවත් වනජීවී නිලධාරීහු පවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්වරු 4 වෙනකම් ඉන්නේ අලියා මැරෙනකම්ද? වනජීවී එක මෙවැනි මෙහෙයුම් සඳහා පැය 24 ම සූදානමින් සිටිය යුතුය.