(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව පූවර්සන්කුලම් තාලිකුලම් ප්‍රදේශයේ පිහිටි වගා ළිඳක තිබී පාසල් සිසුවියකගේ මළ සිරුරක් හමු වී ඇති බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.
තාලිකුලම් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි කේ. ලෝබිකා නැමති පාසල් දැරිය නිවසේ නොමැති වීම සමබන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් ඒ බව පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමෙන් පසුව ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අතුරුදන්වූ දැරිය සොයා සෝදිසියක් සිදු කර ඇත.
එහිදී අසල්වැසියකු විසින් සිය වගාවට ජලය ලබා ගැනීම සඳහා වගා ළිඳට යන අවස්ථාවේදී ළිඳ තුළ මළ සිරුරක් දැක ඒ බව පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දීමේන් පසුව පොලිස් නිලධාරීන් විසින් සිසුවියගේ මළ සිරුර ගොඩ ගෙන ඇති අතර අදාළ මළ සිරුර අතුරුදන් වූ ලෝබිකා සිසුවියගේ බවට හඳුනාගෙන ඇත.
පාසල් සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා වව්නියාව මහ රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd