(මොහොමඩ් ආසික්)
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ලේගම වෙලේකඩේ ප්‍රදේශයේ ලී මෝලක සේවය කරමින් සිටි සේවකයෙකු එම ලීමෝලට ගෙනා ලී කඳක් වැදීමෙන් මිය ගොස් තිබේ.
ඊයේ (27) සවස එම ලී මෝල සඳහා පිට ප්‍රදේශයක සිට ලොරි රථයකින් රැගෙන ආ මෙම ලී කඳන් ලී මෝල තුළට බාමින් සිටියදී අඩි 24 ක් පමණ දිග විශාල විශ්කම්භයකින්ද යුත් ලී කඳන් මෙම සේවකයාගේ පිටුපස කොන්ද ප්‍රදේශයට වැදීමෙන් බරපතල තුවාල ලබා තිබූ අතර ඒ අවස්ථාවේදීම තුවාලකරු අකුරණ රෝහල වෙත රැගෙන යනු ලැබුවද එහිදී මියගොස් තිබේ.
මෘතශරීරය මේ වනවිට මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd