( මොහොමඩ් බුහාර්ඩීන්)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය ගලේවෙල තලකිරියාගමදී මාර්ගයේ එකම දිශාවට ධාවන එමින් තිබූ ලොරි රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
කොළඹ සිට ගලේවෙල අතාබදිවැව ප්‍රදේශයේ අංගනයකට භාණ්ඩ තොගයක් රැගෙන තිබූ ලොරි රථයක් ගලේවෙල තලකිරියාගමදී අතුරු පාරකට හැරවීමට උත්සාහ කළ විට දි ඊට පිටුපසින් පැමිණි යතුරු පැදියහි රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මූලික විමර්ශන වලින් හෙළි වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd