(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල බටලන්ද ප‍්‍රදේශයේ අද (15) ලොරි රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඒවායේ රියදුරන් දෙදෙනා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැල්මඩුල්ල පොලිසිය පැවසීය.
තුවාලකරුවන් පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.
අනතුරට ලක්ව ඇත්තේ ඇඹිලිපියේ සිට පැල්මඩුල්ල දෙසට එළවලු පටවාගෙන ආ කුඩා ලොරියක් සහ පැල්මඩුල්ල දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ලොරියකි.
ඇඹිලිපිටිය දෙසට යමින් තිබූ ලොරිය පාලනය කරගත නොහැකිව පාරේ විරුද්ධ පැත්තට ගමන් කර එළවලු පටවාගෙන ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මුහුණලා ගැටී ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd